27 April 2024
#දේශීය

ගෝඨාගේ පාටියට ගියේ නෑ……. නාමල්ගේ වෙඩිමට නම් යනවා – දුමින්ද කියයි

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (21) සංවිධානය කර තිබු සාදයට තමා සහභාගී නොවු බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් දුමින්ද දිසානායක මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික සාදයකටනම් සහභාගී වන බවයි. නමුත් ඊයේ පැවැති සාදය ජනපති අපෙක්ෂකයා සමඟ පැවැති සාදයක් හෙයින් සහභාගි නොවු බව හෙතෙම පැවසිය. ඊයේ පැවැති සාකච්ඡාව සියළුම විපක්ෂයේ නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති අතර එයට තමා සහභාගී නොවනු බවත් එයට සහභාගි වු පිරිස් සම්බන්ධයෙන් තමා නොදන්නා බවයි.

නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍යය ලබන මස පැවැත්වෙන බවත් එයට තමා සහභාගී වන බව දුමින්ද දිසානායක මහතා අප වෙත වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *