27 April 2024
#දේශීය

ගෝඨාගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කළ පෙත්සම නිශ්ප්‍රභා කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණය කටයුතු කර ඇත.

මෙම පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කරනු ලැබුවේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග කරනු ලැබීය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *