27 April 2024
#දේශීය

ගෝඨාභයයි මහින්දයි ජනතාව අන්දන බව මන්ත්‍රී විජිත කියයි

ආණ්ඩුවේ සියලු පත් කිරීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙදෙනාම එක්ව ගන්නා තීන්දු බව ජනතා විමුක්ති පෙරමුරණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (26) එම පක්ෂයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේය “ දැන් සමහරු කියනවා, ගෝඨාභය මහින්ද මහත්තයාව අයින් කරයි කියලා. මේක රඟපෑමක්. ලලිත් වීරතුංග අධිකරණයෙන් වැරදිකරුවකු වී තිබියදී තමන්ගේ උපදේශකවරයෙක් බවට පත්කර ගන්නේ ගෝඨාභය රාජපක්‍ෂ විසිනුයි. රජයේ තනතුරුවලට පත් කරන්න එපා කියලා ශේ්්‍රෂ්ඨාධිකරණයේ තීන්දුවක් තිබියදීත් පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම්වරයා බවට පත්කර ගන්නේ ගෝඨාභය විසිනුයි. ඒ නිසා ගෝඨාභය හොඳයි, මහින්ද නරකයි කියලා කියන්න පුළුවන්කමක් තිබෙනවාද? මේ දෙන්නා එකතු වෙලා තමයි සියලු තීන්දු-තීරණ ගන්නේ. ගෝඨාභය හොඳයි, ඔහුට බාධාව මහින්ද රාජපක්‍ෂ කියන එක ජනතාව අන්දන්න කියන කතාවක්. බව යැයි මන්ත්‍රී විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *