27 April 2024
#දේශීය

ගෝඨා ගෙන්න කැප වුණ අයගේ දැන් වටිනාකම ගැන මහාචාර්ය චන්න කතා කරයි

සිව් වසරක කාලයක් අවුරුදු 4ක් තිස්සේ යම් අපේක්ෂකයෙක් ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ අතර ඒ අනුව ඔහුට නාමයෝජනා ලැබීමෙන් පසු දැන් තමාගේ වටිනාකමක් නැතිව ගොස් ඇති බවත් මෙය ජනාධිපතිවරණයෙන් පසු දැනට තියෙන වටිනාකමත් නැති වනු ඇති බව තමන් විශ්වාස කරන බව “වියත්මග” ප්‍රධාන කථිකයෙකු වන මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මහාචාර්යවරයා මේ බව පැවසුවේ ඊයේ (4) කොළඹ පදනම් ආයතනයේදී පැවති පූජ්‍ය සංසුන්ගම ඤාණරතන හිමියන් විසින් රචිත ‘කදුළින් ලියැවුණ රටක අපේක්ෂා“ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී මහාචාර්යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 ම එපා යැයි ද, දැන උගත් අලුත් පරපුරක් ඉදිරි මැතිවරණයේදී ඉදිරියට ගෙන ආ යුතු බව පැවසුවද දැන උගත් පරපුරට නාමයෝජනා ලැබෙතැයි තමා විශ්වාස නොකරන බවයි. එසේම දැන් සිටිනා පිරිසටවත් නාමයෝජනා දීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇති බව මහාචාර්යවරයා සඳහන් කර සිටියේය.

එහිදී මහාචාර්යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ජනාධිපතිවරණය හේතුවෙන් කතා නොකර ඉන්න මාතෘකා කිහිපයක් තිබෙනවා. හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලය, ෂාෆිගේ ක්‍රියාදාමය සහ ඒ හා බැදිච්ච තවත් කාරනා කිහිපයක් පිළිබඳව හිතා මතාම අඩුවෙන් කතා කරනවා. නැත්නම් කතා නොකර ඉන්නවා. එකක් තමයි කතා කලොත් කෝල් කරලා කියනවා කතා කරන්න එපා කියලා. අනික තමයි පස්සේ අපිට චෝදනාවක් එල්ලවෙන්න තියෙනවා අපි කඩාකප්පල්කාරී ක්‍රියාවක් කලා කියලා… අපේම කඳවුර ඇතුළෙන්ම. ඒ නිසා සමහර ඒවා අමාරුවෙන් දරාගෙන ඉන්නවා.

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *