27 April 2024
#දේශීය

ඡන්දෙට එජාපය සුදානම් වෙයි ….. ආසන සංවිධායකවරුන් පත් කරන්නට

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් ලබන 23 වනදා පත් කරන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා ඉතා සාර්ථක අන්දමින් මුහුණ දීමට මෙම පත් කිරීම් සිදු කරනු ඇති බව එම පක්ෂය කියා සිටියේය.

තව ද මෙවන විට ආසන සංවිධායකවරුන් විසින් පක්ෂයේ ප්‍රචාරණය සඳහා කර ඇති කාර්යය සම්බන්ධයෙන් හා නොසැලකිල්ලෙන් කටයුතු කරන සංවිධායකවරුන් ඉවත් කිරීම් පවා සිදු කරනු ඇති.

තව ද නව ආසන සංවිධායකවරුන් විසින් එජාපයට මැතිවරණවලදී ජයගැනීමට හැකිවන ආකාරයේ කටයුතු සැලසුම් කරනු ඇතැයි එම පක්ෂයෙ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *