• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඡන්දේදී කියපු සුරංගනා කතා දැන් කරගන්න බැරිබව පේනවා – හිටපු ඇමැති රවි

22 December 2019
in දේශීය

ඡන්ද කාලේ කියපු සුරංගනා කතා මේ වනවිට ඉටුකරගන්න නොහැකිව ඇති බව පැහැදිලිවම පෙනෙන්නට ඇති බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පස්වරුවේ මට්ටක්කුලිය, විස්ට්වයික් ක්‍රීඩාංගනයේ පැවති, එළඹෙන නව වසර වෙනුවෙන් අඩුආදායම්ලාභී පවුල්වල දරුදැරියන් වෙනුවෙන් අභ්‍යාස පොත්, පාසල් උපකරණ ආදිය ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි. එහිදී මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත කියා සිටියේ ජන ජීවිතය පහසුකරමින්, ජනතාවගේ ජීවනබර අඩුකරන්න අප මේ අවස්ථාවේදී අපේ පූර්ණ සහයෝගය ලබාදෙන බවයි. මේ කෙටි කාලය තුළ ඒ දේවල් යතා තත්ත්වයට පත්කරගන්නට නොහැකි වුණොත්, ලබන වසරේ අප්‍රේල් මාසය වෙද්දි ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන බව හෙතෙම පැවසිය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ වැඩිදුරටත් අදහස් පල කර සිටියේය “19 වන සංශෝධනය තුළින් ජනතා සුබසාධනයට කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. බදු අඩු කරන්න, ජීවන වියදම අඩු කරන්න පොහොර සහනාධාරය දෙන්න, නිවාස ලබාදෙන්න වගේ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ගනු ලබන ඕනෑම තීරණයකට අපි 2/3 සහයෝගය ලබාදෙනවා. නමුත් 19 ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනතාවට, ජක ජීවිතය පහසු කරගන්න කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. අපි එදත් කිව්වා එම්සීසී ගිවිසුමෙන් රටට අහිතක් වෙන්නේ නැහැ කියලා. මේ වනවිට ඔවුනුත් එය පිළිගෙන තිබෙනවා. එදා කිසිම කොන්දේසියක් නැතිව රටට ලබාගන්න තිබුණ දේ ලබාගන්න ඔවුන් ඉඩ දුන්නේ නැහැ. නමුත් දැන් ඒක ලබාගන්න වෙහෙසෙනවා. ඔවුන්ට එකපාරට උදේ රෑ වෙලා, රෑ උදේ වෙලා. දේශපාලනය තුළින් මේ වගේ ලාබාල වැඩ නොකර, රට ඉලක්ක කරගනිමින් සෘජුව කටයුතු කළ යුතුයි” යැයි පැවසීය.

 

Post Views: 5
Previous Post

ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම “සෘණාත්මක” ලෙස සංශෝධනය කිරීම රජය ප්‍රතික්ෂේප කරයි

Next Post

විශේෂිත සුර්යග්‍රහණයක් දෙසැම්බර් 26 වනදා සිරිලකටත් දිස්වෙයි…

editor

editor

Next Post

විශේෂිත සුර්යග්‍රහණයක් දෙසැම්බර් 26 වනදා සිරිලකටත් දිස්වෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved