27 April 2024
#දේශීය

ඡන්දේදී කියපු සුරංගනා කතා දැන් කරගන්න බැරිබව පේනවා – හිටපු ඇමැති රවි

ඡන්ද කාලේ කියපු සුරංගනා කතා මේ වනවිට ඉටුකරගන්න නොහැකිව ඇති බව පැහැදිලිවම පෙනෙන්නට ඇති බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පස්වරුවේ මට්ටක්කුලිය, විස්ට්වයික් ක්‍රීඩාංගනයේ පැවති, එළඹෙන නව වසර වෙනුවෙන් අඩුආදායම්ලාභී පවුල්වල දරුදැරියන් වෙනුවෙන් අභ්‍යාස පොත්, පාසල් උපකරණ ආදිය ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි. එහිදී මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත කියා සිටියේ ජන ජීවිතය පහසුකරමින්, ජනතාවගේ ජීවනබර අඩුකරන්න අප මේ අවස්ථාවේදී අපේ පූර්ණ සහයෝගය ලබාදෙන බවයි. මේ කෙටි කාලය තුළ ඒ දේවල් යතා තත්ත්වයට පත්කරගන්නට නොහැකි වුණොත්, ලබන වසරේ අප්‍රේල් මාසය වෙද්දි ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන බව හෙතෙම පැවසිය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ වැඩිදුරටත් අදහස් පල කර සිටියේය “19 වන සංශෝධනය තුළින් ජනතා සුබසාධනයට කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. බදු අඩු කරන්න, ජීවන වියදම අඩු කරන්න පොහොර සහනාධාරය දෙන්න, නිවාස ලබාදෙන්න වගේ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ගනු ලබන ඕනෑම තීරණයකට අපි 2/3 සහයෝගය ලබාදෙනවා. නමුත් 19 ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනතාවට, ජක ජීවිතය පහසු කරගන්න කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. අපි එදත් කිව්වා එම්සීසී ගිවිසුමෙන් රටට අහිතක් වෙන්නේ නැහැ කියලා. මේ වනවිට ඔවුනුත් එය පිළිගෙන තිබෙනවා. එදා කිසිම කොන්දේසියක් නැතිව රටට ලබාගන්න තිබුණ දේ ලබාගන්න ඔවුන් ඉඩ දුන්නේ නැහැ. නමුත් දැන් ඒක ලබාගන්න වෙහෙසෙනවා. ඔවුන්ට එකපාරට උදේ රෑ වෙලා, රෑ උදේ වෙලා. දේශපාලනය තුළින් මේ වගේ ලාබාල වැඩ නොකර, රට ඉලක්ක කරගනිමින් සෘජුව කටයුතු කළ යුතුයි” යැයි පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *