27 April 2024
#දේශීය

විශේෂිත සුර්යග්‍රහණයක් දෙසැම්බර් 26 වනදා සිරිලකටත් දිස්වෙයි…

දශකයක ට වරක් සිදුවන බවට හඳුනාගෙන ඇති විශේෂිත සුර්යග්‍රහණයක් ලබන 26 වනදා දිවයිනට දිස්වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ තාරකා විද්‍යා ප්‍රදර්ශක නාලක අබේසේකර සඳහන් කරයි.

මෙම සූර්ය ග්‍රහණය දර්ශනය වන්නේ ලෝකයේ රටවල් කිහිපයකට පමණක් බවත්, එය ශ්‍රී ලංකාවට ඉතා හොඳින් ම දර්ශනය වන බවත් ඒ මහතා සඳහන් කළේ ය.

මෙම සූර්ය ග්‍රහණය මීට පෙර දර්ශනය වී ඇත්තේ 2010 වසරේ වන අතර, නැවත මෙම දර්ශනය දක්නට හැකි වන්නේ තවත් අවුරුදු 12කින් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

* සටහන : ජනිත් විපුලගුණ

Leave a comment

Your email address will not be published. Required fields are marked *