27 April 2024
#දේශීය

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන සහ කසුන්ට ඇප

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පලිසේන යන දෙදෙනාට ඇප ලබා දීමට අද (01) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර තිබේ.

එක් අයෙකුට රුපියල් මිලියන 2 බැගින් වු ශරීර ඇප 4 ක් මත ඔවුන්ට ඇප ලැබුණු අතර ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවද මහෙස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

විදෙස් ගමන්ද තහනම් කළ මහෙස්ත්‍රාත්වරිය ඇප තැබීමේදී හැඳුනුම්පත් ඡායා පිටපත් ඉදිරිපත් කරන ලෙසද,සෑම මසකම අවසන් ඉරිදා 9 සහ12 අතර කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනි සිටිය යුතුබවටද නියෝග කළාය.

මෙම සිදුවීමට අදාල ප්‍රධාන සැකකරු තවමත් අත්අඩංගුවට නොගැනීම නඩු කටයුතු වලට බාධාවක් වන හෙයින් හා සැකකරුවන් දෙදෙනාගේ දරුවන්ගේ අසනීප තත්ත්වයන් පිළිබඳව සලකා බලමින් මෙලෙස ඔවුනට ඇප නියම කෙරිණි.

පසුගිය පෙබරවාරි 04 වැනිදා මොවුන් දෙදනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *