27 April 2024
#විදෙස්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ජන අගමැති බොරිස්ගේ පාලක පක්ෂයට හිමිවෙයි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ ජය ගැනීමට එරට අගමැති බොරිස් ජොන්සන් ප්‍රමුඛ පාලක කන්සවේටිව් පක්ෂය සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රිතාන්‍ය මහා මැතිවරණය ඊයේ(12) පැවැත්විය.

ඒ අනුව මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ආසන 354 දිනාගත් කන්සවේටිව් පක්ෂය මැතිවරණෙයෙන් ඉදිරියෙන් පසුවන අතර ප්‍රධාන ප්‍රතිවාදියා වන ලේබර් පක්ෂය දිනා ඇත්තේ ආසන 202ක් පමණයි.

මෙහි ජයග්‍රහණය සම්බන්ධයෙන් අගමැති ජොන්සන් පවසා සිටියෙ හදිසියෙන් කැඳවූ මහා මැතිවරණයේදී ලැබූ ජයග්‍රහණය අති විශිෂ්ට ඓතිහාසික ජයග්‍රහණයක් බවයි. එසේම එහි ජනතා පරමාධිපත්‍යට ගෞරව කිරීම සඳහා ලැබුණු අවස්ථාවක් බව ද හෙතෙම පැවසිය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *