27 April 2024
#දේශීය

ජනපති රනිල්ට නයා කිව්ව රොෂාන්ගේ ඇමැති ධුරය ඉවත් කෙරේ

ක්‍රිඩා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර බව වාර්තා වේ.

අදාල ලිපිය ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ මහතා වෙත මීට සුළු වේලාවකට පෙර ලබාදී තිබේ.

කෙසේ වෙතත් පසුගිය කාලයේ පුරාම ක්‍රිකට් ක්‍රිඩාව සම්බන්ධයෙන් ක්‍රිඩා අමාත්‍යවරයා වශයෙන් රොෂාන් රණසිංහ මහතා විසින් දිගින් දිගටම ප්‍රශ්ණ මතු කරමින් පාර්ලිමේන්තුවේ වාද විවාද පැවැත්විය. මේ අතර අද (27) පාර්ලිමේන්තුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නයෙක් බවත් ඔහු තමාට දෂ්ඨ කරනු ඇති බව ද පාර්ලිමේන්තුවේදී රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා පවසා සිටියේය. පාර්ලිමේන්තුවේදී රොෂාන් රණසිංහගේ කතාවෙන් පසුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේය.

එමෙන්ම රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාව ඉවත් කර ඇත්තේ කැබිනට් මණ්ඩල රැස්වීමෙදී  වන අතර කැබිනට් අමාත්‍යවරයෙකු කැබිනට් මණ්ඩල රැස්වීමේදි සිය අමාත්‍ය ධුරය ඉවත් කල පලමු අවස්ථාව මෙය වනු ඇත. 

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාට ඉදිරියේදී බොහෝ විට සමගි ජන බලවේගයේ පොදු අපේක්ෂකත්වය හිමිවනු ඇති බව එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *