27 April 2024
#දේශීය

ජනපති සමාව ලැබු ඥානසාර හිමි බන්ධනාගාරයේ පිටුපස දොරින් පිටවෙයි

බන්ධනාගාර ගත කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොදු සමාව ලබාදීමෙන් පසුව අද (23) පස්වරුවේ උන්වහන්සේ බන්ධනාගාරයේ පිටුපස දොරින් පිටව ගොස් තිබේ.

උන්වහන්සේ බන්ධනාගාරයෙන් පිටවයන අයුරු රූගත කිරීමට හා වාර්තා කිරීමට විශාල මාධ්‍යවේදීන් ප්‍රමාණයක් වැලිකඩ බන්ධනාගාරයේ ඉදිරිපස ගේට්ටුවේ රැඳී සිටිමත් හා පවතින තත්ත්වය තුළ ආරක්ෂාව හේතුවෙන් ඥානසාර හිමියන් බන්ධනාගාරයේ වෙනත් දොරටුවකින් පිටතට පැමිණ ඇති බව පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් පැවසිය.

එලෙස බන්ධනාගාරයට රැස් වු පිරිස අතර භික්ෂූන් වහන්සේ, බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින් මෙන්ම ඥානසාර හිමියන්ගේ මෑණියන් ද රැඳී සිටි ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *