27 April 2024
#ව්‍යාපාර

ජනවාරි සිට සහල් මිල පහත ට…

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ලබාගෙන ඇති ණය කපා හැරීමට ආණ්ඩුව ගත් තීන්දුවත් සමඟ ජනවාරි මාසයේ සිට සහල් කිලෝවක් රුපියල් 90කට වඩා අඩු මුදලකට ලබාදීමට හැකි බව සමස්ථ ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමයේ පොළොන්නරුව දිස්ත්‍රික් සභාපති රොෂාන් ජනක සිල්වා පැවසීය. පසුගිය වසර හතරහාමාරක කාලය තුළ සිය ව්‍යාපාර දැඩි ලෙස කඩාවැටීමකට ලක්ව තිබු බවත් වත්මන් ආණ්ඩුව ලබාගත් මෙම තීන්දුවත් සමඟ යළිත් සිය ව්‍යාපාර ගොඩනඟා ගැනීමේ විශ්වාසය ඇති වූ බවත් හෙතෙම කීවේ ය.

සිය ව්‍යාපාර යළි ගොඩනැඟීමට ආණ්ඩුව ගත් මෙම තීන්දුවට සහල් මෝල් හිමියන් සිය ප්‍රණාමය පුද කර සිටින බව දිනමිණට පැවසී ය. මේ වනවිට සහල් මෝල් 25ක් පමණ ක්‍රියාත්මක මට්ටමේ පවතින බවත් ඉදිරියේදී ඉතිරි සහල්මෝල් සංඛ්‍යාවද සක්‍රීය මට්ටමට ගෙන ආණ්ඩුව ඉල්ලා සිටින ඕනෑම මිලකට සහල් ලබාදීමට පියවර ගන්නා බවත් ඒ මහතා කියා සිටියේ ය.

මේ වනවිට සිය මෝල් හිමියන් සතුව කිලෝ ලක්ෂ පහකට වැඩි තොග ප්‍රමාණයක් තිබෙන බව පැවසූ සභාපතිවරයා ආණ්ඩුව නිවේදනයක් නිකුත් කරන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ එම තොග වෙළෙඳපළෙට යැවීමට සූදානම් බව ද පැවසීය. 

සටහන : ජනිත්

Leave a comment

Your email address will not be published. Required fields are marked *