27 April 2024
#ක්‍රීඩා

IPL ඉතිහාසයේ වැඩිම මිලක ට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා…

ක්‍රිකට් අයි.පී.එල් ඉතිහාසයේ මෙතෙක් වැඩි ම වටිනාකමක ට අලෙවි වු විදෙස් ක්‍රීඩකයා වන්නේ ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් බව වාර්තාවෙයි. ඔහු ඉන්දීය රුපියල් කෝටි 15යි දශම 05ක ට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන ඇත.

මේ අතර 2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රි ලංකාවේ ඉසුරු උදාන ඉන්දීය රුපියල් ලක්ෂ 50කට රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම විසින් මිළදීගෙන ඇත. 

මෙවර වෙන්දේසියේ දී මිලදී ගත් එක ම ශ්‍රී ලාංකික ක්‍රිඩකයා වන්නේද ඉසුරු උදාන පමණි. 

ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල්, කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 10යි දශම 7යි 15කටයි. 

දකුණූ අප්‍රිකාවේ ක්‍රිස් මොරිස් ඉන්දීය රුපියල් කෝටි 10කට රෝයල් චැලේන්ජරස් බැංග්ලෝර් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.

* සටහන : ජනිත් 

Leave a comment

Your email address will not be published. Required fields are marked *