27 April 2024
#දේශීය #පුවත්

ජනාධිපතිවරණයට වංගු දැම්මොත් පාරට බැහැලා පාලකයින් පන්නා දමනවා – ජවිපේ ලේකම් ටිල්වින්

ජනාධිපතිවරණයට වංගු දාන්න ගියොත් පාරට බැහැලා පාලකයින් පන්නා දමන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඒ් මහතා මේ බව පැවසුවේ ඊයේ (17) “ගැහැණු එක මිටට” ජාතික ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් කාන්තා සමුළුවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා මහතා “ දරුවන්ට අපිට ආරක්ෂාවක් නැති කරපු අදුරදර්ශි පාලනය නැති කරන්න අපි ලැස්තියිි.වලව් පාලනය වෙනුවට ප්‍රභු පාලනය වෙනුවෙට ජනතාවගේ පාලනයක් හදන්න අපි සුදානම්.දැන් අපට විරුද්ධ කණ්ඩායම් ගොඩක් කලබල වෙලා දැන්.සමහරු භූමි තෙල් ගැවුණූ ගැරඩි වගේ.සමහරු කුඹුර කොටද්දි කැපුණු පණුවෝ වගේ දගලනවා.ඒයින් අපට තේරෙන්නේ ඒ පිරිසට දැනෙනවා ඒ අයගේ යුගය ඉවරයි කියලා.මේ රට මෙතෙක් පාලනය කරපු ප්‍රභූ පන්තියට දැනෙන්න පටන්ගෙන තියනවා.ඒ අයට සිංහාසනයෙන් බහින්න සිද්ධී වෙලා තියනවා.අපේ රටේ සියලු බලවේගයක් සමග ගැහුණූ එක සිටට ඉදගෙන සියලු බලවේගයන් එකතුවෙලා තියනවා.සජිත් ප්‍රේමදාසගේ ගෝලයෙක් කියනවා ගැහැණු පෙන්නලා බය කරන්න හදනවා.අපි ජාතික ජන බලවේගය ලෙස සියලු බලවේග ඒකතුකරමින් ඉන්නවා.අපි වැඩකරන ජනතාව,ගොවි,ධීවර,වෘත්තිකයේ,කර්මාන්ත කරුවෝ,විද්වතුන් එකතු කරන්න ඕන කියලා.කාන්තාවන් බලවේගයක් ලෙස ලෙස අපි එකතු කලා.කාන්තාව ඡන්දය දෙන පිරිසක් විතරක් නෙවේ.ආණ්ඩු වෙනස් කරන ආණ්ඩු හදනා රට හදන බලවේගයක් කරන්න ලැස්තියි.අපේ යුගය තම මාස අටකින් නිර්මාණය වෙනවා කියන එක අපි දන්නවා.ජනාධීපතිවරණයක් ගැන කතා කරන්න.ජනාධිපති කෙනෙක් පත් කරන්න ඕන.මේ ව්‍යවස්ථාව අනුව ඡන්දය තියන්න ඕන.එහෙම වංගු ගහන්න ආවොත් අපි පාරට බැහලා එලවන්න අපි ලැයිස්තියි.විදෙස් සංචාරය යනවා.ජනාධිපති රවුම් ගහා ගහා ඉන්නවා.රට හදලා ඉවර කරලා හදන්න සිතාගෙන ඉන්‍න්නේ 2048.සින්නක්කර ඉඩම් දෙන්න කියලා ජනතාව රැස් කරනවා.නැත්නම් මිනිස්සු එන්නේ නැහැ යැයි ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනි හරිනි අමරසුරිය, ජාතික ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක ගමගෙදර දිසානායක යන මහත්ම මහත්මින් ඇතුලු කාන්තාවන් විශාල පිරිසක් එක්වි සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *