27 April 2024
#දේශීය

ජනාධිපති වැය ශීර්ෂය ගැන ජවිපෙ නගන චෝදනා ද්වේශසහගතයි : ජනාධිපති ලේකම් කාර්යාලය…

Vijith Herath n MS

Vijith Herath n MS

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පෞද්ගලික පරිහරණය ට රුපියල් කෝටි 800ක මුදලක් වෙන් කර ඇති බව ට නැගෙන චෝදනාවන් ට ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් මගිනි පිළිතුරු දී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ චෝදනාව නගා තිබුණි. එය සම්පූර්ණයෙන් අසත්‍ය හා පදනම් විරහිත බවත් එය තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති කාර්යාලය පවසයි.

පාර්ලිමේන්තුවේ අතුරු සම්මත ගිණුමක් මගින් ජනාධිපතිවරයා වෙනුවෙන් තවත් රුපියල් කෝටි 240ක් ද වෙන් කර ඇති බව විජිත හේරත් මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී පැවැසීය.

ධුරය දැරූ හෝ දරන කිසිඳු ජනාධිපතිවරයෙකුට පෞද්ගලික පරිහරණය සඳහා මුදල් වෙන් නොවන බවත් එම මුදල් වෙන්වන්නේ ජනාධිපති කාර්යාලයට බවත් ජනපති කාර්යාලය නිකත් කළ නිවේදනයේ දැක්වෙයි.

වත්මන් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයෙන් අති විශාල මුදල් ප‍්‍රමාණයක් වෙන් කෙරුණේ දැනට ක්‍රියාත්මක වන ජනාධිපති කාර්යසාධන බළකායන් සහ අනෙකුත් සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් බවද එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික පරිභෝජනයට කිසිඳු ලෙසකින් මුදල් වෙන් කර නොමැති බවත් එවැනි ද්වේශ සහගත චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *