27 April 2024
#දේශීය

ජපන් රැකියා මවා මුදල් වංචා කළ කත අත්අඩංගුවට

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ජපානයේ රැකියා ලබාගැනීම සඳහා මෙම සැකකාරියට රු. 600,000 ක මුදලක් ලබාදී පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට පුද්ගලයෙකු විසින් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය මෙහෙය වු බවයි.

ඒ අනුව වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි චමිලා චතුරංගනී ජයවර්ධන නම් සැකකාරිය 2019.11.21 දින බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලය අසලදී අත්අඩංගුවට ගන්නා ලදී. වැඩිදුර විමර්ශනවලදී ඇය විසින් බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බවද හෙලි වී තිබේ.

සැකකාරිය 2019.11.22 දින ගම්පහ කම්කරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2019.12.06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *