27 April 2024
#සංවර්ධන

ජලජීවී වගා පර්යේෂණ කේන්ද්රය විවෘත කරයි

නාරා ආයතනයේ හි පිහිටි ජල ජීවී වගා ප්‍රවර්ධනය සඳහා ඉදිකළ ජලජීවී වගා පර්යේෂණ කේන්ද්රය ඊයේ (10) කෘෂිකර්ම , පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

එහි දී අදහස් දැක් වු අමාත්‍යවරයා ” අප වටා මුහුද තිබුණත් මේ වන විට මත්ස්‍ය සම්පත එහි අඩුවක් දකින්න ලැබෙනවා මේ හේතුව නිසාම දේශසීමා උල්ලංඝනය කිරීමට ධීවරයන් පෙළඹෙනවා. අපි අපේ දේශසීමාව තුළ මත්ස්‍ය වගාව සාර්ථකව ආරම්භ කළ යුතු කාලය දැන් එළඹිලා තියෙනවා. දැන් මේ ජලජ පැළෑටි වගා කිරීමත් එලෙසම ජල ජීවී වගා පර්යේෂණ මධ්යස්ථානය මගින් මසුන් වගා කිරීමත් අපි ලද ජයග්‍රහණයක් නවීන තාක්ෂණය භාවිතා කරමින් මාළු නිෂ්පාදනයේ දී භාවිත කරන ජලය නැවත පිරිපහදු කරගෙන නැවත මත්ස්ය වගාව සඳහා යොදා ගැනීමේ තාක්ෂණය මම දැක්කා මෙම මධ්යස්ථානය තුළින් ඒක බෙහෙවින් වටිනා කාරණයක් ජල ජීවී ශාක මිනිස් පරිභෝජනයට ජපානය වගේ රටවල් යොදාගන්නවා හොඳ ඉල්ලුමකුත් තියෙනවා අපනයනය සඳහා ඉදිරියේදී ජලජ ශාක වර්ධනය කිරීමත් මෙමගින් අපි බලාපොරොත්තු වෙනවා. ලංකාව වටා ඇති මුහුදු තීරය අපි හරි ප්රයෝජනයක් ගන්නවද කියන එක අපි හිතල බලන්න ඕනේ මේ මුහුදු තීරය සංරක්ෂණය කිරීම සහ ජලජ ශාක වගාව ප්රවර්ධනය තුළින් මත්ස්‍ය සම්පත වර්ධනය කිරීම ඉදිරියේදී අප කළ යුතුව තිබෙනවා, දැන් ජලජ ශාක වගා කිරීමට අප පුද්ගලික අංශයට ආරාධනා කරනවා ඊට පස්සේ අපිට පුළුවන් ජපානයට, කොරියාවට මේවා අපනයනය කරන්න. ඒ වගේම ධීවර කර්මාන්තය නඟාසිටුවීම තුළින් මසුන් අපනයනය කිරීම ඉදිරියේදී කළ යුතුව තිබෙනවා එය අපට අභියෝගයක්. මත්ස්ය අපනයනය කිරීම සඳහා අදාල වෙළඳපල සකසාදීම රජයක් ලෙස අපි කළ යුත්තක් ඒ සඳහා අප ඉදිරියේ දී කැප වෙනවා යැයි ” අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .

මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි, අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, නාරා ආයතනයේ සභාපති මහාචාර්ය ඊ. ඩී.එස්. එදිරිසිංහ, ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ සභාපති කිංස්ලි බර්නාඩ් මහතා ඇතුළු නිලධාරීන් රැසක් මීට සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *