27 April 2024
#දේශීය

ජාතික සංචාරක වෘත්තිකයන්ගේ සංගමයෙන් කෝප් කමිටුවට පැමිණිල්ලක් සහ යෝජනාවක්

ජාතික සංචාරක වෘත්තිකයන්ගේ සංගමය විසින් දැනට සංචාරක ක්ෂේත්‍රය තුළ පැනනැගී ඇති ගැටලු පිළිබඳව පාර්ලිමේන්තු කෝප් කාරක සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම ඊයේ (09) දින සිදුවූ අතර ඒ සමගම ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ අනාගතය වෙනුවෙන් යෝජනාවලියක්ද ඔවුන් විසින් ඉදිරිපත් කරන ලදි.

මෙම පැමිණිල්ල සහ යෝජනාවලිය එම සංගමය විසින් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා වෙත ඉදිරිපත් කර තිබේ.

ඔවුන් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ ප්‍රධාන වශයෙන්ම අඩංගු වන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසුව බිඳ වැටුණු සංචාරක කර්මාන්තය වෙනුවෙන් රජය ලබාදෙන බවට පොරොන්දු වූ සහන තවමත් ඔවුන් වෙත නොලැබීම පිළිබඳ ගැටළුවයි.

කෝප් කමිටුව මාධ්‍ය වෙත නිරාවරණය කිරීමෙන් පසුව එයට මහජන යෝජනා අදහස් ඉදිරිපත් කළ පළමු අවස්ථාවද මෙයයි. මේ අවස්ථාව සඳහා ජාතික සංචාරක වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති ලේකම් ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *