27 April 2024
#දේශීය

ජාතික හැඳුනුම්පත් සඳහා පාසල් අයදුම්කරුවන් කඩිනමින් යොමු කරන්න

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අපේක්ෂකයන්ගෙන් 50%ක් ජාතික හැදුනුම් පත් සඳහා මෙතෙක් ඉල්ලුම් කර නැති බවත් ජාතික හැඳුනුම්පත් සඳහා කඩිනමින් අයදුම්පත් යොමු කරන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව ප‍වසයි.

මාර්තු මස 31 වනදාට පෙර ඒ සඳහා ඉල්ලුම් පත් යොමු කරන ලෙසට සියලු පරිවේණාධිපතිවරුන්ට හා විදුහල්පතිවරුන්ට චක‍්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබේ. එහෙත් නියමිත කාලයට ඒවා යොමු නොකිරිමෙන් හැදුනුම් පත් ලබාදීම අභියෝගයක් බවයි දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

තව ද අඩුපාඩු සහිත ඉල්ලුම්පත් රැසක් ඉදිරිපත් කර තිබිම සහ පාසල් සිසුන්ගේ ඉල්ලුම්පත් විශාල ප්‍රමාණයක් තවමත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර නොතිබීම හේතුවෙන් විභාගයට පෙර හැඳුනුම්පත් නිකුත් කිරීමේදී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ආයතනය අපහසුතාවයට පත්ව ඇති බව පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *