27 April 2024
#දේශීය

ඥානසාර හිමි ජනපති හමුවෙයි !

ජනාධිපති විශේෂ සමාව යටතේ බන්ධනාගාරයේ නිදහස් කිරීමෙන් අනතුරුව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (23) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී තිබේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට අවසර ඉල්ලා ඇති අතර පසුව ජනාධිපතිවරයා ඒ සඳහා අවස්ථාව ලබා දී තිබේ.

ඒ අනුව ඊයේ රාත්‍රී ඥානසාර හිමියන්ගේ මව ජනාධිපතිවරයා හමුවීමට පැමිණ ඇති බවත් ඒ සමගම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද ජනාධිපතිවරයා හමුවීමට පැමිණ ඇතැයි වාර්තා වේ.

විශේෂයෙන් එම හමුවේදී ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ලබා දීම පිළිබඳ ඥානසාර හිමියන්ගේ මව ජනාධිපතිවරයාට සිය ස්තූතිය පළ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ඉකුත්දා ඥානසාර හිමි පිළිබඳව විස්තර බන්ධනාගාර අමාත්‍යංශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගෙන්වාගෙන තිබූ අතර ඉන් අනතුරුව ඥානසාර හිමියන්ට ඊයේ (23) ජනාධිපති විශේෂ සමාව ලැබිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *