ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ දූතයෙකු වන ජෙරඩ් කුෂ්නර්, AFP පුවත් සේවය වාර්තා කරන පරිදි හමාස් නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව සඳුදා දින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මුණගැසී තිබේ.
ඊශ්‍රායලය විසින් මෙතෙක් ප්‍රතික්ෂේප කර ඇති ගැසා සාම සැලැස්ම යළි ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම හමුව සිදු කර ඇති අතර, ඊජිප්තුවේදී හමාස් නායකයින් හමුවූ කුෂ්නර් ඔවුන්ගේ ආයුධ අත්හැර දැමීම සහ අනාගත පාලන තන්ත්‍රයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් දැඩි කොන්දේසි පවසා ඇති බව වාර්තා වේ.














