27 April 2024
#දේශීය

ඩ්‍රෝන කැමරා භාවිතයෙන් වළකින්න – පොලිසිය නිලධාරින්ගේ නිවාඩු අවලංගුයි

පිපිරීම් සිදුවූ ස්ථානය අවට නිරික්ෂණය සඳහා ඩ්‍රෝන කැමරා භාවිතයෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා දැනුම් දීමක් කර සිටි. තුවාලකරුවන් ප්‍රතිකාර ලබා දීම මේ වන විට සිදු කරමින් සිටින අතර, ජාතික රෝහලට තුල දැඩි තදබදයක් පවතින බවත් එම දර්ශන නැරඹීමට ඔවුන්ගේ ඥාතීන්ට හා අනෙක් පිරිසට රෝහල් වෙත පැමිණීමෙන් වළකින ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දීමක් කර සිටි.

මේ වන විටත් කටුනායක ගුවන් තොටුපොළේ හා කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන හෝටල්වල ආරක්ෂාව තර කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

තව ද රට තුළ උද්ගතව ඇති වර්තමාන තත්වය අනූව සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *