27 April 2024
#දේශීය

තස්ලීම්ව බැලීමට නව අධිකරණ ඇමති ඔහුගේ නිවසට.

2020 මහ මැතිවරණයෙන් ලද ජයග්‍රහණයෙන් පසු නව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යධූර ඊයේ (12) මහනුවර දී පත් කර ගනු ලැබීය. එහිදී අධිකරණ අමාත්‍යවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් අමාත්‍ය අලි සබ්රි සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමටත් පෙර සිදුකළ ක්‍රියාවක් සම්බන්ධයෙන් තම ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ඇත.

පාස්කු ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම් සම්බන්ධයෙන් කල් තියා තොරතුරු ලබාදීම නිසා වෙඩි ප්‍රහාරයකට ලක්වූ තස්ලීම්ව බැලීමට අමාත්‍යවරයා මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත.

අධිකරණ අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබු සටහනයි මෙසේයි, 

“ මම ඊයේ දින දිව්රැම් දී යලි පැමිනෙණවිට , සහරාන්ට විරැද්ධව තොරතුරැ ලබාදී වෙඩි පහාරයට ලක්වු තස්ලීම් හමුවුණු අවස්ථාව.

මාවනැල්ල පොදුජන පෙරමුණ සංවිධායකතුමාද සහභාගි වුණා.

ඔහු ජාතික වීරයෙකි.  එලිපිට ජාතිවාදය වපුරන උගත්යයි කියන ඇතැම් ජාතිවාදීන් අතර මව්බිම වෙනුවෙන් යුතුකම් ඉටුකල පුද්ගලයෙකි. 

මිනිසා ⁣වසලයෙකු හො බමුණකු වන්නේ උපතින් නොව භාවිතයෙන් බව අත්දැකීමෙන් තේරැම්ගෙන සිටිමි. 

අපි තව තස්ලීම්ලා දහස් ගනණක් බිහිකරමු!“

Leave a comment

Your email address will not be published. Required fields are marked *