27 April 2024
#ව්‍යාපාර

තැපැල් දෙපාර්තමේන්තුව එක්ව ෆෙයා ෆස්ට් රක්ෂණ සමාගමෙන් අලුත් වැඩක්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක රක්ෂණ ආයතන එකම තැනකට ගෙන ඒමේ වැඩසටහන යටතේ පසුගිය දා ෆෙයා ෆස්ට් රක්ෂණ සමාගම හා එක්ව තෙවන පාර්ශවයේ රක්ෂණ ආවරණ ලබා දීමේ කාර්යය මූලස්ථාන තැපැල් කාර්යාලයේදී ආරම්භ කරනු ලැබේ.

ඒ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාව සදහා ෆෙයා ෆස්ට් රක්ෂණ සමාගමේ, තැපැල් දෙපාර්තමේන්තුවේ හා අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගි විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *