• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තෑගි මුදල් දෙනව කියල කෝල් ආවට විස්තර දෙන්ඩ එපා!

27 September 2024
in දේශීය, පුවත්
තෑගි මුදල් දෙනව කියල කෝල් ආවට විස්තර දෙන්ඩ එපා!

රජයේ සහ පෞද්ගලික බැංකුවල ගිණුම් පවත්වාගෙන යනු ලබන පුද්ගලයන් රවටා ඔවුන්ගේ ගිණුම්වල මුදල් අදින සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව මහනුවර මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ.

මහනුවර මූලස්ථාන පොලිසියට ලද එවැනි පැමිණිලි අටක් සම්බන්ධයෙන් මේවන විටත් විමර්ශන ආරම්භ වී ඇති අතර තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බවද පොලිසිය කියයි .

එම සංවිධානාත්මක කල්ලිය ඔවුන්ගේ ගොදුරු වශයෙන් යොදාගනු ලබන්නේ වයස අවුරුදු 45-50 ඉක්මවූ පරිගණක තාක්ෂණය පිළිබඳ අඩු දැනුමක් ඇති පුද්ගලයන් බවද පොලිසිය කියයි .

ඔවුන්ගේ ගිණුම්වල මුදල් ඇති බවට කිසියම් ආකාරයකට සොයාගන්නා මෙම සංවිධානාත්මක කල්ලිය පළමුව සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ ජංගම දුරකථන අංකය සොයාගෙන ඔවුන්ට මුදල් ත්‍යාගයක් ඇති බව පවසා ඔහුගේ හෝ ඇයගේ හැඳුනුම්පත් අංකය සහ ගිණුම් අංකය ලබාගැනීමත් බවත් ඉන් අනතුරුව ඔවුන්ගේ ජංගම දුරකථන අංකයට ලැබෙන එක් වරක් පමණක් භාවිතා කළ හැකි තාවකාලික රහස් අංකය (OTP) එම සංවිධානාත්මක කල්ලියට ලබා දෙන ලෙස දැනුම් දෙන බව පොලිසිය කියයි .

එම තාවකාලික රහස්‍ය අංකය ලැබුණු සැණින් ඔවුන්ගේ ගිණුමේ මුදල් වෙනත් ගිණුම් අංකයකට බැර වන බවද පොලිසිය කියයි . බොහෝ විට මෙම කල්ලියට හසුවනු ලබන්නේ මුදල් වලට ගිජු බවක් දක්වන පුද්ගලයන් බවද පොලිසිය කියයි. මෙම සංවිධානාත්මක කල්ලියේ ප්‍රධානීන් විදේශගතව සිටිමින් ජාවාරම මෙහෙයවන බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද පොලිසිය පවසන අතර තමන්ට ත්‍යාග මුදලක් ලැබී ඇති බවට ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණහොත් ඊට ප්‍රතිචාර නොදක්වන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Post Views: 16
Previous Post

නව ජනාධිපති සන්නද්ධ හමුදා කැඳවයි

Next Post

ආසියාවේ පළමුවැනියා වෙමින් බ්‍රැඩ්මන්ට සම වූ කමිඳු

Editor TTV News

Editor TTV News

Next Post
ආසියාවේ පළමුවැනියා වෙමින් බ්‍රැඩ්මන්ට සම වූ කමිඳු

ආසියාවේ පළමුවැනියා වෙමින් බ්‍රැඩ්මන්ට සම වූ කමිඳු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved