29 April 2024
#දේශීය #පුවත්

දණ්ඩ නීති සංග්‍රහයේ නව සංශෝධන හරහා කාන්තා අයිතිය හෑල්ලුවට ලක් වෙනවා – විපක්ෂ නායක සජිත්

ආණ්ඩුව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන්නේ අපරාධ වැළැක්වීමට නොව අපරාධ වැඩිකිරිමට බව එහි දී මේ රජය ලිංගික කටයුතු සඳහා කැමැත්ත ලබා දෙන වයස් සීමාව 16 සිට 14 දක්වා අඩු කිරීම තුලින් මෙය ලිංගික අපචාර ප්‍රවර්ධනය කිරිමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ අද බදුල්ලේ විල්ස් පාර්ක් නව ක්‍රීඩාංගණයේදී පැවැති සමගි වනිතා බලවේගයේ බදුලු දිස්ත්‍රික් සමුළු අමතමිනි.

වයස අවුරුදු 22ට පිරිමි පුද්ගලයෙක් යම් කිසි දූෂණයක් අතවර කිරිමක් සිදු වුවහොත් මේ හරහා ඔහුට ලබා දෙන දඩුවම ලිහිල් කර ඇති බවත් මෙය කාන්තාවන්ට සිදු කළ අපහාසයක් බවත් 363 වැනි වගන්තිය හරහා කාන්තා දූෂණය වෙනමම විග්‍රහ කර දඩුවම් ලබා දීම වෙනමම සඳහන් කර ඇති වගන්තියක් තිබියදී මේ යටතට පිරිමි දුෂණයත් ඇතුළත් කර මෙම වගන්ති බාල්දු කිරිමට කටයුතු කර ඇති බවත් මේ වෙනුවෙන් වෙන වෙනම වගන්ති සකස් කිරීමට හැකියාව තිබිය දී එවැනි දෙයක් සිදු නොකර දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන හරහා කාන්තා අයිතිය පළුදු කිරිමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයට හිතක් පපුවක් ඇත්නම් මේ අමනෝඥ දණ්ඩ නීති සංග්‍රහ පනත් කෙටුම්පත ඉල්ලා අස් කර ගත යුතු බවත් එසේ නොවුවහොත් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මහපාරෙත් දැවැන්ත අරගලයක් සිදු කරන බව හෙතෙම පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *