27 April 2024
#දේශීය

දයාසිරිට මහලේකම් තනතුරක් – මුතුහෙට්ටිගම කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පත් කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ අද (03) දින රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසිය.

ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වුණේ ජනාධිපති නිල නිවසේදිය. එහිදී ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බවත් තවත් හෙළි කිරීමට නොහැකි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බව මුතුහෙට්ටිගම මහතා කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *