27 April 2024
#දේශීය

දුමින්දට නිසි තැන …. මෛත්‍ – මහින්ද තීන්දු කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාට පක්ෂයේ නිසි තැන ලබා දෙමින් ජාතික තලයේ නායකයෙකු ලෙස සියලු කටයුතු කිරීමට අවස්ථාව ලබා දීමට පක්ෂ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂයේ අනුශාසක, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒකමතිකව තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ෆේස්බුක් පිටුව අනාවරණය කරයි.

විශේෂයෙන්ම ශ්‍රීලනිපයේ දෙවන පෙල නායකත්වය ඉහලට ඔසවා තැබීමේ අරමුණ ඇතිව තරුණ දක්ෂ නායකයෙකු ලෙස දුමින්ද දිසානායක මහතාට පක්ෂයේ නිසිතැන ලබා දීමට නියමිතය.

ඒ අනුව සියලු වරප්‍රසාද ලබා දෙමින් දුමින්ද දිසානායක මහතාව ජාතික මට්මටම් නායකයෙකු ලෙස ඉදිරියට ගෙන ආ යුතු බවට ජනපති සහ අගමැති අතර පැවැති සාකච්ඡාවකින් පසු ස්ථීර කර තිබේ.

පක්ෂයේ දෙවන පෙල ඉහල මට්ටමේ නායකයෙකු ලෙස සියලු වගකීම් දරමින් පක්ෂය වෙනුවෙන් නිසි තැනට පත් කර අනාගතයේ පක්ෂයට අවශ්‍ය තරුණ නායකත්වය බාර ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වන බව එම ශ්‍රීලනිපයේ ෆේස්බුක් ගිණුමේ වැඩිදුරටත් දැක්වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *