27 April 2024
#දේශීය

දේශපාලනය පසෙකලා ලංගම රැක ගන්න – ඇමැති අශෝක සියළු සේවකයින්ට කියයි

දේශපාලනික මතිමතාන්තර පසෙක දමා ලංකා ගමනා ගමන මණ්ඩලය රැක ගැනීමේ වගකීම සියලුම සේවකයන් සතු යුතුකමක් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව හිටපු සභාපති රමල් සිරිවර්ධන මහතාගේ ආරාධනයෙන් ප්‍රථම වරට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයට පැමිණි අවස්ථාවේ දීය.

එහිදි අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය දින 50 කාලයේ දී ලංගමය තුල ඉතා සුලු සේවකයන් පිරිසකගේ හැසිරීම පිළිබද තමා බෙහෙවින්ම කණගාටුවන බවත් සියලු දෙනා තම සහෝදර සේවකයන් බව සෑම අවස්ථාවකදීම මතක තබා ගතයුතු බවයි. තමන් ඇතුලු පිරිස මෙම ආයතනයේ තාවකාලික භාරකරුවන් බව පැවසූ අමාත්‍යවරයා දේශපාලනික මතිමතාන්තර පසෙක දමා මෙම ආයතනය රැක ගැනීමේ වගකීම සියලුම සේවකයන් සතු යුතුකමක් බවද තවදුරටත් ප්‍රකාශ කලේය.

ආයතන ප්‍රධානීන් සමග ලංගම ප්‍රගතිය හා ඉදිරි සැලසුම් පිලිබද විශේෂ සාකච්ඡාවකට එක්වූ අමාත්‍යවරයා කඩිනමින් බස්රථ 500 මෙරටට ආනයනය කිරීමට කටයුතු සකස් කිරීම සහ තවත් සුවපහසු බස්රථ 2000 ගෙන්වීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන ලෙසටද උපදෙස් ලබා දුන්නේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *