27 April 2024
#දේශීය

ධිවරයිනි මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට හසුවන්න එපා – නාවික හමුදාපති කියයි

මෙරට සාගර ආශ්‍රිතව ධිවරයින්ට හොඳ ආදායමක් ලබා ගැනීමට හැකිව තිබියදී ඉක්මනින් මුදල් සෙවීමට මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට මෙරට ධිවරයින් හසුව දරු පවුල අසරණ තතත්වයකට පත් නොකරන ලෙස නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.

නාවික හමුදාපතිවරයා මේ බව පැවසුවේ පසුගියදා (08) මත්ද්‍රව්‍ය මැඩලිම සඳහා ත්‍රිවිධ හමුදාවේ කාර්ය භාරය පිළිබඳ කොලඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

මෙරටට මත්ද්‍රව්‍ය එන මාර්ගයක් වන්නේ මුහුදු මාර්ගයන් හේතුවෙන් නිසා ඇතැම් අවස්ථාවලදී නාවික හමුදාව විසින් නිරන්තරයෙන් මුහුදු මාර්ගය සම්බන්ධයෙන් විමර්ශනයෙන් සිටින බව නාවික හමුදාපති පවසයි. එසේම එහිදී සිදු කරනු ලබන විමර්ශන අවස්ථාවලදී ධිවරයින්ට අපහසුතාවයන්ට මෙන්ම දැල් වලට පවා හානි සිදුවන අවස්ථාවන් තිබු බව හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් එය නාවික හමුදා විසින් සිදු කරනු ලැබු රාජකාරියක් බවත් එයින් අපහසුතාවයට පත්වන ධිවරයින්ට කනගාටුව පල කරන බව නාවික හමුදාපතිවරයා කියා සිටියේය. නමුත් මුහුදු මාර්ගයන් හි ගමන් කරනු ලබන බෝට්ටු වල යම් සැකයක් මතු වුවහොත් වහාම ක්‍රියාත්මක වීම කල යුතු බව නාවික හමුදාපතිවරයා අවධාරණය කළේය.

නාවික හමුදාපතිවරයා ධිවර ජනයාගෙන් ඉල්ලා සිටියේ අනවශ්‍ය රැකියාවලට නොයා ධිවර රැකියාව නිවැරදිව සිදු කරන ලෙසයි. මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ගේ කෙටි කාලින මුදල් සෙවීමට දායක වි ඔබගේ දරු පවුල අපසුතාවයන්ට නොදා හොඳින් රැකියාව සිදු කරන ලෙස ඔහු අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *