27 April 2024
#දේශීය

නම් කියන්නේ නෑ .. පොහොට්ටුවේ කිහිප දෙනෙක්ම එන්න අහනවා – හැරිසන් කියයි

මේ වන විට ආණ්ඩුව සම්බන්ධයෙන් කලකිරුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව පොහොට්ටුවේ කීපදෙනෙකුත් අපත් සමඟ එකතු වීමට සුදානමින් සිටින බව හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

ඒ මහතා අද (14) තලාව ප්‍රදේශයේ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුව වෙනුවෙන් කරදිය ඇදලා දුක් විඳපු කට්ටිය වියත්මගට යට වෙලා වී සිටින අතර ඒ අයට දැන් පොහොට්ටු ඇතුළෙ තැනක් නැති වෙලා තිබෙන බවයි.

එ් අය කියනවා අපත් එක්ක එකතු වෙන්න කැමතියි කියලා දැනටමත් කිහිප දෙනෙක් සාකච්චා කරලා තිබෙන බවත් ඔවුන්ගේ නම් දැන්ම පැවසීමට නොහැකි බව හැරිසන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් පවතින පාර්ලිමේන්තුව ලබන අගොස්තු මාසය තෙක් පවත්වාගෙන යාමට හැකි බව හෙතෙම පැවසිය. ලබන මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට පුර්ණ හැකියාව ජනාධිපතිවරයා සතු බව ද ඔහු අනාවරණ කළේය.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *