27 April 2024
#දේශීය

නවීන සන්නිවේදන උපකරණ සමඟ චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේ දී Iphone 402 ක්, සීම් පත් 17,400 ක් හා රවුටර් (Router) 60 ක් සමඟ චීන ජාතිකයෙන් පොලිස් විශේෂ බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 අති නවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ තොගයක් සමඟ චීන ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේදී පොලිස් විශේෂ බලකාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී ක්‍රියාවල නිරත වන පිරිසක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත අද(07) අළුයම එම නිවස පරීක්ෂා කර තිබේ.

ඒ අනුව එම නිවසේ තිබී Iphone 402 ක්, සීම් පත් 17,400 ක් හා රවුටර් (Router) 60 ක් සොයාගෙන තිබේ.

සැකකරුවන් මෙම සන්නිවේදන උපකරණ භාවිත කරමින් විවිධ වංචනික ක්‍රියාවල නිරතව ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයා වීසා නොමැතිව මෙරට නීතිවිරෝධීව රැදී සිටි අයෙකු වන අතර සෙසු සැකකරුවන් දෙදෙනා මීගමුව සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ටෙලිකොම් ආයතනය සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් අදාල ස්ථානයට කැදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *