27 April 2024
#දේශීය

නාලකගේ සහ නාමල්ගේ හඩ සැසදෙන බව රහස් පොලිසිය අධිකරණයට දන්වයි

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සහ නාමල් කුමාර යන අයවළුන්ගේ දුරකතන සංවාද124න්123 සැසදී ඇති බව රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

නාමල් කුමාරගේ දුරකතනයේ ඇති මකා දමා ඇති දත්ත ප්‍රතිඋත්පාදනය කිරීමට හොංකොං රාජ්‍යයේ නිෂ්පාදිත ඔහුගේ දුරකතනය හොංකොං රජය වෙත බව රහස් පොලිසිය අධිකරණයට අද (23) දන්වා සිටියේය.

නාමල් කුමාර ගුවන් හමුදා සේවයේ යෙදී ඇති බවත් ඉන් ඉවත් නොවි යුද හමුදා සේවයට එක්ව ඇති බවත් ඉන් අනතුරුව ඇවන්ගාඩ් සමාගමට සේවා සිදු කර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව අධිකරණයට දන්වා සිටියේය

නාලක සිල්වා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ඔහුට අයත් නිල පරිගණක හරහා කාන්තා පොලිස් නිලධාරිනියක යොදවා රසිකා සංජීවනී නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සකස් කර ඇති බව එම පරිගණකය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලෙස රහස් පොලිසිය සිදු කළ ඉල්ලීමට සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසිය යොමු කර ඇති ප්‍රශ්ණාවලිය අදාළව විමර්ශන සිදු කර ඉදිරි දින වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (23) රජයේ රස පරීක්ෂක වරයාට නියෝග කළාය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ත්‍රස්තවාදය වැළැක්වීම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් සිදු කළ බව දැනුම් දුන් නිතිඥ අජිත් පතිරණ මහතා නාමල් කුමාර ලබා දී ඇති හඩ පටවල ඇතැම් ඒවා මකා දමා ඇති බවත් මාධ්‍ය හමුව පැවැත්වූ දිනට පසු දින ඒවා පටිගත කර ඇති බවත් අධිකරණයට කියා සිටි අතර ඔහු සිදු කර ඇත්තේ ව්‍යාජ පැමිණිල්ලක් බවත් තම සේවා දායකයා නිර්දෝෂී බවත් කියා සිටියේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ පැමිණිල්ල විත්තිය කරමින් රහස් පොලිසිය විමර්ශන නිසි ආකාරයෙන් සිදු නොකරන බවය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා ගෙන්වා මේ සිද්ධිය සම්බන්ධයෙන් දින තුනක් ප්‍රකාශ ලබා ගෙන ඇති බවත් ගෙන්ව ප්‍රකාශ ලබා ගැනීම සඳහා අද දිනයේත් ගෙන්වා ඇති බව කී රහස් පොලිසිය ප්‍රකාශ ලබා අවසන් වූ වහාම අවශ්‍ය පියවර ගන්නා බවත් කියා සිටියේය.

රැඳවුම් නියෝග මත රදවා සිටින ඉන්දියානු ජාතික මර්සිලි තෝමස් යන අය නිරීක්ෂණ සඳහා ලබන නොවැම්බර් මස 07 ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අවස්ථාවේ තමන්ට රහස් පොලිසිය දින 34 රදවා තබා ගනිමින් හිරිහැර සිදු කරන බවත් රදවා ගැනීම හේතුවෙන් ශාරිරික වශයෙන් පිරිහී ඇති බවත් කිසිදු රෝගයක් නැති බවත් ඉන්දියානු ජාතිකයා ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් ලිඛිතව කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ලිඛිතව කරුණු දැක්වීමට ඔහු ට අවසර දුන් මහේස්ත්‍රාත් වරිය මද වේලාවකට නඩුව කල් තැබීමට තීරණය කළාය.

 

අධීකරණ වාර්තාකරු 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *