27 April 2024
#දේශීය

නිදහස් අධ්‍යාපනය ලබන සියළු දෙනා වගකිම් ඉටු කළ යුතුයි – ජනපති

රටේ සහ ජාතියේ අනාගතය රඳා පවතින්නේ උගත් අනාගත පරපුරක් මත බැවින් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට පසුගිය වසර තුන හමාර තුළ රජය සුවිශේෂී වැඩකොටසක් ඉටුකළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට රජය පුළුල් වැඩකොටසක් ඉටුකරමින් සිටිය දී එහි වරප‍්‍රසාද ලබන සියලුදෙනා යහපත් පුරවැසියන් ලෙස මාතෘ භූමිය වෙනුවෙන් ද සිය වගකීම් ඉටුකළයුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ අලුතින් ඉදිකළ ගෘහස්ථ කි‍්‍රීඩා සංකීර්ණය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක්වෙමින්.

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ‍්‍රී ලංකා මාතෘ භූමිය ලෝකයේ ඇගයීමට ලක්වන කරුණු අතර ප‍්‍රමුඛත්වයක් ගන්නේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය බවයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු ආරාධිත පිරිසක් ද විද්‍යාලයේ විශ‍්‍රාමලත් විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ආදි සිසුන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *