27 April 2024
#දේශීය #පුවත්

නිසි මිලක් ගොවියාට ලැබෙන යාන්ත්‍රණයක් සැකසිය යුතුයි – මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත්

ගොවි නිෂ්පාදන සදහා අතරමැදියන්ගෙන් තොරව නිසි මිලක් ගොවියාට ලැබෙන යාන්ත්‍රණයක් සැකසිය යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ පසුගිය 01 වනදා දඹුල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති ගොවින් වෙත ගොවි උපකරණ බෙදා දිමේ අවස්ථාවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා “ මෙවර අය වැයෙන් කෘෂි ක්ෂේත්‍රයට වගේම අනෙකුත් අංශ සදහා වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති බවත් ගොවියාගේ නිෂ්පාදන සදහා සාධාරණ මිලක් ලැබෙන යාන්ත්‍රණයක් සකස් කිරිම වැදගත් බවය..පසුගිය වර්ෂා කාලයේදි එලවලු වගාවන් ඇතුලු ආහාර බෝග විනාශයට ලක් වුණා.ඒ නිසා මිල වැඩිවිමක් සිදු වුණා.නමුත් මිල වැඩිවිමිත් සමග ගොවියාට ලැබෙන ආදායම ඒ ආකාරයෙන්ම ලැබෙනවාද කියන එක් ප්‍රශ්නයක්.මාතලේ දිස්ත්‍රික්කය් ලොකු ලුණු වගාව ඇතුලු අනෙකුත් එලවලු බෝගයන් සදහා වැඩි විභවතාවයක් තියන දිස්ත්‍රික්කයක් ඒ නිසා ගොවි ජනතාවට ලබා දිය හැකි සහනයන් සහ ප්‍රතිලාභ බාධාවකින් තොරව ලබා දිමට කටයුතු කිරිම වැදගත් යැයි ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ රුපියල් මිලියන 32ක ප්‍රතිපාදන මත මාතලේ දිස්ත්‍රික්කයේ ගොවින් වෙත ප්‍රතිලාභ ලබා දිම සංකේතවත් කරමින් දඹුල්ල ප්‍රදේශයේ ගොවින් 42 දෙනෙකු සදහා වගා මළු,ලුනු ආධාරක දැල්,විදුලි පඹයා,වැසි ආවාරණ කට්ටල ඇතුලු උපකරණ බෙදා දිම ආණ්ඩුකාරවරයා අතින් සිදු විය.

මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල,පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ටී.ඒ.ඩී.ඩබ් දයානන්ද, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයලත් බණ්ඩාර,මාතලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයන්ත සමරවික්‍රම යන මහත්ම මහත්මින් කෘෂිකර්ම නිලධාරින් ගොවින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *