දරුවන්ගේ සනීපාරක්ෂාව සහ මව්වරුන්ගේ සුවපහසුව තහවුරු කිරීමේ අරමුණින්, කිරි දෙන මව්වරුන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද කාමරයක් නුවරඑළිය බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී ඊයේ (අගෝස්තු 24) නිල වශයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීමේ කටයුතු සිදු කෙරිණි.
















