27 April 2024
#දේශීය

නුවර වැව නඩත්තු කටයුතු විධිමත් සැලසුම් අවශ්‍යයි – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

මහනුවර සංවර්ධනය සදහා ආ ව්‍යාපෘති බොහොමයක් මග නැවතිලා. නුවර වැව නඩත්තු කටයුතු විධිමත් කිරීමට මාසයක කාලයක් තුල විධිමත් සැලසුමක් අවශ්‍ය බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ නුවර වැව නඩත්තු කටයුතු විධිමත් කිරීමේ අරමුණින් එම නඩත්තු කමිටුව මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (21) පැවැති අවස්ථාවේදිය.

එහිදී සංචාරක ආකර්ශනය ඉතා ඉහල මට්ටමක පවතින සංස්කෘතිකමය අගනාකම් අති සුවිශේෂි ස්ථානයක් වන මහනුවර නගර මධ්‍යයේ පිහිටා ඇති නුවර වැවෙහි නඩත්තු කටයුතු විධිමත් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවත්, ඒ සදහා මහනුවර මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුලු සියලු ආයතන ඒකාබද්ධ වෙමින් විධිමත් සැලසුමක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව පෙන්වා දුන් පළාත් ආණ්ඩුකාරවරයා, මාසයක කාලයක් තුල කඩිනම් මෙන්ම විධිමත් සැලසුමක් සකස් කරන ලෙස ද ඒ සදහා අවශ්‍ය සහාය පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් ලබාගන්නා ලෙස ද මෙහිදී උපදෙස් ලබා දීම සිදුවිය.

මෙම සාකච්ඡාව සදහා ශ්‍රී දළදා මාලි‍ගාවේ පරිපාලන ලේකම් අනුර බණ්ඩාර, නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ රංජිත් බණඩාර, සහකාර ආණ්ඩුකාර ලේකම් මිහිරාන් බණ්ඩාර යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද මෙම සාකච්ඡාව සදහා එක් ව සිටියේය.

 

 

මාතලේ – මහේෂ් 

Leave a comment

Your email address will not be published. Required fields are marked *