27 April 2024
#ක්‍රීඩා

පත්වීම මට තවමත් නෑ – දයාන් කියයි

රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කිරීමට යෝජනා වුවද මෙතෙක් සිය පත්විම් ලිපිය නොලැබුණ බව විදෙස් රාජතාන්ත‍්‍රිකයෙකු ලෙස කටයුතු කල ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

අප කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ තමාගේ නම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යෝජනා කළ ඇති බවත් තමාන්ගෙන් ඒ සම්බන්ධයෙන් අදහස් විමසීමක් කළ බවයි. ඒ අනුව තමා රුසියානු තානාපති තනතුර භාර ගැනිමට කැමැත්ත පල කර සිටි අතර තවමත් එම පත්විම නොලැබුණ බව ඔහු කියා සිටියේය.

එසේම මේ වන විට තානාපති තනතුර සඳහා අදාළ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් තමාට දැන ගැනීමට ලැබු බව ජයතිලක මහතා අප වෙත කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *