27 April 2024
#දේශීය

පරද්දනවා කියු ජනපති වැය ශීර්ෂය සම්මත වෙයි

2019 අයවැය කාරක සභා අවස්ථාවේ දී ජනපති වැය ශීර්ෂය ඇතුළුව වැය ශීර්ෂ 22ක් පාර්ලිමේන්තුවේ දී සම්මත වී ඇත. ඒ, 2019 අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද(13) ආරම්භ වු පසු පැවැති ඡන්ද විමසිමේදිය.

මේ අතර ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුලු ආයතන 22 කට අදාල වැය ශීර්ෂ අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණි.

අද සිට අප්‍රේල් මස 05 වනදා දක්වා දින 19 ක් විවාදය පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම හෙවත් අවසන් ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *