27 April 2024
#දේශීය

පරිපූරක ඇස්තමේන්තුව අස්කර ගන්නවා – සභානායක කිරිඇල්ල

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් මිලියන 57,546 කින් යුත් පරිපූරක ඇස්තමේන්තුව දෝෂ සහිත බැවින් එය ඉවත් කරගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රශ්න කළ අවස්ථාවේදීය.

එහිදී සභානායකවරයා කියා සිටියේ අදාළ පරිපූරක ඇස්තමේන්තුව නිවැරදිව සකස් කරගන්නා තෙක් එය සම්මත කරගැනීමට කටයුතු නොකරන බවයි.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නිල නිවස නවීකරණයට අදාළ හිඟ බිල්පත් නිරවුල් කිරීම ඇතුළු වියදම් වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීමට හා විපක්ෂ නායකවරයාගේ භාවිතය සඳහා නිල වාහනයක් ලබාගැනීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබුණි.

විපක්ෂනායකවරයාට නිල වාහනයක් ලබා ගැනීමට විපක්ෂයේ විරුද්ධත්වයක් තිබෙනවාදැයි සභානායකවරයා මෙහිදී විමසා සිටියේය. එයට කිසිදු විරෝධයක් විපක්ෂයෙන් හිමි වුයේ නොමැත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *