27 April 2024
#දේශීය

පළමු ජන්ද ප්‍රතිඵලය එන වෙලාව මෙන්න

හෙට (05) පැවැත්වීමට නියමිත  පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල 6 වනදා මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

මනාප ප්‍රතිඵල ද 7 වනදා මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බවත් ඔහු පවසයි.  

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මේ බව සඳහන් කර සිටියේ මෙවර මහ මැතිවරණයට අදාළව ගම්පහ දිස්ත්‍රික්කයේ සූදානම පිළිබඳ සොයාබැලීමට නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එහිදී ඔහු මෙසේද පැවසීය.

“අගෝස්තු 10 වන දා වනවිට සියලු ම ගැසට් නිවේදන දෙන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රතිඵල දෙන්න  පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා 6 වනදා මධ්‍යම රාත්‍රියට පෙර, මනාප ප්‍රතිඵල 7 වනදා මධ්‍යම රාත්‍රියට පෙර. ඒ ප්‍රතිඵල ගැසට් කරන්න පුළුවන් අපිට 08 වනදා වෙද්දි.  ඒ වගේම ජාතික ලැයිස්තුව 09 වනදා ආවෝත් 10 වනදා ගැසට් කරලා ඒක ඉවර කරනවා.“ 

Leave a comment

Your email address will not be published. Required fields are marked *