27 April 2024
#දේශීය

මානව හිමිකම් කොමිසමේ සභාපතිනි දීපිකා උඩගම ඉල්ලා අස්වෙයි

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

වාර්තා වන ආකාරයට සැප්තැම්බර් පළමු වැනිදා සිට තමා එම තනතුරෙන් ඉවත්වන බව ඇය ව්‍යවස්ථාදායක සභාවට දැනුම් දී තිබේ.

මේ අතර අටවන පාර්ලිමේන්තුවේ අවසන් ව්‍යවස්ථාදායක සභාව කථානායක නිල නිවසේ දී ඊයේ (03) පස්වරුවේ පැවැත්වුණ අතර මේ සම්බන්ධව වාර්තා වුයේ එහිදී ය.

හිටපු කථානායක සහ එහි සභාපති කරු ජයසූරිය ගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ සහ බිමල් රත්නායක ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් එක්ව සිටි බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

ගත වූ කාලය තුළ ව්‍යවස්ථාදායක සභාව අසූ දෙවතාවක් රැස්ව ඇති අතර එහිදී ගනු ලැබු තීරණ සහ ක්‍රියාත්මකවීම් සම්බන්ධයෙන් අවසානයේ එකිනෙකා අතර සුභපැතුම් හුවමාරු වී ඇති බවත් වාර්තා වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *