27 April 2024
#දේශීය

ප්‍රගීත්ගේ නඩුව ගැන කියන්න සන්ද්‍යා ජිනිවා යයි

අතුරුදන් වු මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ද්‍යා එක්නැලිගොඩ මහත්මිය ලබන 24 වනදා ජිනිවා නුවර බලා පිටත්ව යාමට නියමිතයි. TTVnews.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමාගේ ස්වාමියා වන ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් විම සම්බන්ධයෙන් තවමත් අධීකරණයේ විභාග වන්නේ බී වාර්තාවක් පමණක් බවයි.

තමන්ට කිසිදු සාධාරණයක් මෙතෙක් හිමිව නොමැති බවත් තමාගේ ස්වාමියා වන ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි මට්ටමේ පවතින බවයි. එසේම තමාට ජිනිවාහි ලබන 28 වනදා පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී අවස්ථාවකදී තමාට අදහස් දැක්වීමට අවස්ථාව හිමිව ඇති බව ඇය කියා සිටියේය.

කෙසේ වෙතත් මෙරට දේශපාලනඥයින් තමාගේ ස්වාමියාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ගෙන යන්නේ මන්දගාමි ක්‍රියාවලියක් බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සිදුවූයේ 2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙරයි. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට සම්බන්ධව දේශපාලන ලිපි, කාටුන් හා ප‍්‍රවෘත්ති ප‍්‍රගීත් එක්නැලිගොඩ විසින් වාර්තා කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *