27 April 2024
#දේශීය

ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නිතිය

කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ප්‍රදේශ කිහිපයකටම අද පස්වරු 4.30සිට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා පවසයි.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට, මීගමුව හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශවලට මෙසේ නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය පනවා තිබේ.

ඇඳිරි නිති කාලය තුළදී සියළුම පුද්ගලයෝ තම නිවෙස්වල රැඳි සිටිය යුතු අතර, 2020 මහමැතිවරණය සඳහා ඇප තැන්පත් කිරීම, නාම යෝජනා අත්සන් කිරීම හා නාම යෝජනා භාර දීම සඳහා ගමන් කරන අවසර ලත් තැනැත්තන් සහ රාජකාරි නියුක්ත කර ඇති නිලධාරින් සහ සේවකයන්ට ඒ සඳහා අවසර දෙනු බව පොලිසිපතිවරයා කියා සිටියේය.

ඇඳරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල එම බල ප්‍රදේශ හරහා ගමන් කරන පොදු මගී සේවා වාහන සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අවසර ලබා දීමට කටයුතු කරන අතර කටුනායක ගුවන් තොටුපල වෙත ගමන් ගන්නා ගුවන් මගීන් සඳහා ගුවන් ටිකට්පත ඇඳිරී නීති බලපත්‍රයක් වශයෙන් භාවිත කල හැකි බව පොලිස්පතිවරයා මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *