27 April 2024
#දේශීය

ප්ලාස්ටික් බෝතලය වෙනුවට වතුර විදුරුවක්

ජනාධිපති කාර්යාලයේ දෛනික පැවැත්වෙන සාකච්ඡා සහ විවිධ හමුවීම්වලදී ඊට සහභාගිවන්නන්ගේ පරිභෝජනය සඳහා ප්ලාස්ටික් පානීය ජල බෝතල් ලබාදීම දීර්ඝ කාලීනව සිදුකර තිබෙන අතර එහිදී සිදුවන බරපතල පාරිසරික බලපෑම ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව මින් ඉදිරියට ජල බෝතල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කිරීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවට ජල වීදුරු පිළිගැන්වීමට කටයුතු සලසන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එසේම ප්ලාස්ටික් ජල බෝතල් භාවිතය නතර කිරීමට ජනාධිපති කාර්යාලය ගත් තීරණය පරිසර සංවිධාන පැසසුමට ලක් කර තිබේ. ජනාධීපතිවරයා විසින් ගනු ලැබු එම තීන්දුව මගින් මෙතෙක් ජනාධිපති කාර්යාලයේ දෛනිකව පරිභෝජනයට ගත් ප්ලාස්ටික් ජල බෝතල් පරිසරයට එකතුවීම සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩු වනු ඇත.

සෙසු රාජ්‍ය ආයතන ද මෙම පිළිවෙත හැකි පමණින් අනුගමනය කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එසේ වුවහොත් පරිසරයට එකතු වන ප්ලාස්ටික් බෝතල් ප‍්‍රමාණය විශාල වශයෙන් පහළ යනු ඇත. “වනජීවී සංරක්ෂණ සංසදය”, “මිහිතල මිතුරන්”, “තම්බපණ්ණි සොබාදහම් කණ්ඩායම” යන සංවිධාන, පරිසර හිතකාමීන් සහ පරිසරවේදීහු ජනාධිපතිවරයා දින දෙකකට ඉහතදී ගත් මෙම ක‍්‍රියාමාර්ගයට බලවත් ප‍්‍රසාදය පළ කළ බව ජනාධීපති මාධ්‍ය අංශය පැවසිය. 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *