27 April 2024
#දේශීය

අලුතින් 100 ක් පාර්ලිමේන්තුවට

පවතින වත්මන් දේශපාලඥයින් වෙනුවට නව පිරිසක් ඉදිරි මහමැතිවරණය තුළින් පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කළ යුතු බව “අලුතින් හිතන අපි ” සංවිධානය පවසයි.

එහි ක්‍රියාකාරි කමිටු සාමාජික තුසිත ජයවර්ධන මහතාගෙන් TTVnews.lk වෙබ් අඩවිය කල විමසීමකදී ඔහු කියා සිටියේ ඉදිරි මහමැතිවරණයේදී සියළු පක්ෂ හා ජනතාව වෙත අලුත් පිරිසක් පාර්ලිමේන්තුවට පත් කිරීමට කටයුතු කරන ලෙස බලපෑම් කරන බවයි.

ඔහු කියා සිටියේ වෘත්තීකයින් මෙන්ම බුද්ධිමත් පිරිසක් ඉදිරියේ මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත්විය යුතු බවයි. එම සංවිධානය විසින් ගෙන යන වැඩපිළිවෙල වන්නේ ” අලුතින් 100 ක් පාර්ලිමේන්තුවට” යන අරමුණ මත අතර එහිදී ඔහු පවසා සිටියේ මේ වැඩපිළිවෙල සඳහා සියළු පක්ෂ එක් රැස් කරන බවයි.

ඒ මහතා සියළු පක්ෂ වෙත පවසා සිටින්නේ නව මුහුණු කිහිපයක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවයි. මෙය ස්වෛච්ඡාවෙන් සිදු කරනු ලබන වැඩසටහනක් බවත් ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව හෙතෙම පැවසිය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *