27 April 2024
#දේශීය

පාඨලීගේ රියදුරුටත්, රූම් මොහොමඩ්ටත් ඇප

රිය අනතුරක් සිදු කලා යැයි සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වූ තුසිත දිලුම් කුමාර රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (6) නියෝග කළාය.

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වු දෙදනාට රුපියල් ලක්ෂ 20 ක් ලබා දුන්නැයි කිය සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා වන රූමි මෙහොමඩ් මහතාට සහ අනෙක් සැකකරුවන් දෙදෙනා, ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(06) නියෝග කළාය.

එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කර තිබේ.

එසේම රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා වන රූමි මෙහොමඩ් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත්තේ කෙසේදැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් කරුණු විමසුවාය.

ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කිසිදු පිළිතුරක් ලබා නුදුන්නේය.

නඩුව නැවත පෙබරවාරි මස 27 වනදා කැඳවීමට ද නියම කළාය.

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *