27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුව රැස් වෙයි… විධායක ජනාධිපතිකම අහෝසි කරන විවාදය අදත්

කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1 රැස්වීමට නියමිතයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිමේ යෝජනාව පිලිබද විවාදය අදත්, පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් කල්තැබීමේ යෝජනාව සභාව ඊයේ ඉදිරිපත් කළ අතර ඒ පිලිබද විවාදය පස්වරුව දක්වා පැවැත්විය.

මේ අතර අද සිට පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට අවස්ථාව හිමිවන්නේ අවසර ලත් මාධ්‍යවේදීන්ට පමණක් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුව සිදුකළ දැනුම්දීමක් පිලිබදව නිවේදනයක් නිකුත් කරමින්.

මහජන ගැලරිය සහ කථානායක ආරාධිත ගැලරිය විවෘතව පවතින බවයි පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමෙන් පසු පාර්ලිමේන්තුව පළමුවරට ඊයේ රැස්වුණා. පාර්ලිමේන්තුවේ අසුන් පැණවිම ජෙෂ්ඨත්වය අනුවය. එසේම මහින්ද රාජපක්ෂ මහතාගේ විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් ද අද දිනයේදී සාකච්ඡා කෙරුණු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *