• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කෙරේ

17 January 2025
in දේශීය, පුවත්
පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කෙරේ

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කිරීම සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදියර කිහිපයක් යටතේ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම සේවකයින් තිදෙනා වැරදිකරුවන් ලෙස තහවුරුවී තිබේ. අනතුරුව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ නිර්දේශ මත එම සේවකයින් තිදෙන‍ා සේවයෙන් පහ කිරීම සඳහා  ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ‍පසුගියදා (09) අනුමතිය ලබාදී තිබේ.

පාර්ලිමේන්තු සේවිකාවන්ට වර්ෂ 2021 සහ 2022 කාල පරිච්චේදයේදී ලිංගික හිංසනයන් වීම සම්බන්ධයෙන් පුවත්පතක 2023 ජූලි 30 සහ 2023 අගෝස්තු 02 දින කරුණු වාර්තාවීමෙන් අනතුරුව එවකට කථානායකවරයාගේද උපදෙස් මත මේ සම්බන්ධව විමර්ශනය කිරීම සදහා ත්‍රිපුද්ගල  අභ්‍යන්තර විමර්ශන කමිටුවක් 2023.08.04 දින එවකට පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය විසින් පත් කෙරුණි.

මෙම කමිටුවේ  විමර්ශන අතරතුරදී පාර්ලිමේන්තු සේවකයින් දෙදෙනෙකු වැඩ තහනමට ලක් කොට තිබු අතර එම විමර්ශන කමිටු වාර්තාව 2023.08.23 දින පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය වෙත ලැබී තිබුණි. ඒ අනුව එ් සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබා ගැනීම සදහා එය නීතිපතිවරයා වෙත යොමු කරන ලද අතර නීතිපති දෙපාර්තමේන්තුවෙහි උපදෙස් මත මීට අදාළ පරීක්ෂණය පොලිස්පතිතුමා මඟින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පවරා තිබුණි. මේ අතර පොලිස් විමර්ශන අනුව තවත් පාර්ලිමේන්තු සේවකයෙකු අත් අඩංගුවට ගැනුණු අතර 2024.01.30 දින එම සේවකයාද වැඩ තහනමට ලක් කොට තිබුණි.

 

මේ අනුව මීට අදාළ චෝදනා ගොනුකිරීමෙන් අනතුරුව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස චූදිත නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීම මත නෛතික විධිවිධාන ප්‍රකාරව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම පිණිස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය පත් කරන ලදි.

 

මෙම විනය පරීක්ෂණයේ අවසන් වාර්තාව පසුගිය 2024. 12.23 වැනිදා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත භාරදුන් අතර එය පදනම් කර ගනිමින් අදාළ සේවකයින් තිදෙනා වැඩ තහනමට ලක්වූ දින සිට සේවයෙන් පහකිරීමට ගරු කථානායකවරයාට කරන ලද නිර්දේශය අනුව මේ වන විට සේවයෙන් පහ කිරීමට කටයුතු කර තිබේ.

Post Views: 32
Previous Post

අගමැතිනිය ’වතුකරයේ ජනතා හඩ’ සංවිධානය හමුවෙයි

Next Post

සෞදි තානාපති අගමැතිනිය හමුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
සෞදි තානාපති අගමැතිනිය හමුවෙයි

සෞදි තානාපති අගමැතිනිය හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved