පාස්කු ඉරිදා දිනක එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට ලබන අප්‍රේල් 21 වනදාට වසර 07ක් සපිරේ. පුද්ගලයින් 279 දෙනෙකුට ජීවිත අහිමි වූ මෙම බිහිසුණු ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් මෙවර ද විශේෂ සැමරුම් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද පෙරවරුවේ අගරදගුරු නිල නිවසේදී පැවැත්විණි. ගරු සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී සැමරුම් වැඩසටහන්වල ස්වභාවය සහ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කෙරිණි.














